31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසෙල්ෆියක් නිසා කාන්තාවක් ගිනි කන්දකට වැටෙයි

සෙල්ෆියක් නිසා කාන්තාවක් ගිනි කන්දකට වැටෙයි

ඉන්දුනීසියාවේ පිහිටි ගිනි කන්දක් අද්දර සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී ආගාධයකට වැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චීනයේ Huang Lihang නැමැති 31 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බවයි.

ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා පළාතේ ජනප්‍රිය ගිනිකඳු සංචාරක උද්‍යානයක් ඇති අතර සිය සැමියා සමඟ එහි සංචාරයක යෙදී සිටියදී ඇය ‘බ්ලූ ෆයර්’ නමින් හැඳින්වෙන ගිනිකඳු පිපිරීම රූගත කිරීම සඳහා කඳු මුදුනට ගොස් තිබෙනවා.

එතැන් සිට ගිනි කන්ද පසුබිමින් ඡායාරූප ගනිමින් සිටි ඇය එක්වරම ලිස්සා ආගාධයකට වැටී තිබෙනවා.

කිහිප වතාවක්ම ඇයට අවවාද කළත් ඇය එම ස්ථානයේදීම ඡායාරූප ගත් බවයි ඔවුන්ගේ සංචාරක මඟ පෙන්වන්නා පැවසන්නේ.

කෙසේනමුත් පැය දෙකක සෝදිසි කිරීමකින් පසු ඇයගේ සිරුර ගොඩගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.