― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරටට ඩොලර් ගේන්න නුවරඑළියේ ස්ට්‍රෝබෙරි ගම්මානයක්

රටට ඩොලර් ගේන්න නුවරඑළියේ ස්ට්‍රෝබෙරි ගම්මානයක්

මෙරට ප්‍රථම ස්ට්‍රෝබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ උපදෙස් අනුවයි මෙම ආදර්ශ ගම්මානය ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත්තේ.

මෙම වැඩපිළිවෙළ නව තාක්ෂණය යොදා ගනිමින් අපනයනය ඉලක්ක කර ගත් නව වගාවන් කෙරෙහි ගොවි ජනතාව හුරු කරවීම සඳහා රජය විසින් ආරම්භ කර තිබෙනවා.

මෙම ස්ට්‍රෝබෙරි වගාව නුවරඑළියේ ආරක්ෂිත ගෘහ තුළ සිදු කරන අතර ආරක්ෂිත ගෘහ 40ක් මේ වන විට සකස් කර තිබෙනවා. එක් ආරක්ෂිත ගෘහයක් තුළ දළ වශයෙන් ස්ට්‍රෝබෙරි පැළ 300ට වැඩි ප්‍රමාණයක් වගා කිරීමට හැකි බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ වැඩපිළිවෙළ යටතේ නුවරඑළියේ ගොවීන් 40 දෙනකු තෝරාගෙන ඇති අතර, ඔවුන්ට ස්ට්‍රෝබෙරි වගා කිරීමට රුපියල් මිලියන 30ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙනු ලබනවා.

එම ගොවීන්ට අවශ්‍ය ස්ට්‍රෝබෙරි පැළ, වගාව සඳහා නව තාක්ෂණය සහ ජල සම්පාදන කටයුතු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් සපයනු ලබනවා.