22.2 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොර යතුරුපැදි ජාවාරමක් වටලයි

හොර යතුරුපැදි ජාවාරමක් වටලයි

නීතිවිරෝධී ලෙස කොටස් එකලස් කරන ලද යතුරුපැදි, ව්‍යාජ ලිපි ලේඛන සකසා අලෙවි කළ ස්ථාන තුනක් පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් වටලා තිබෙනවා.

ඊයේ (25) සිදුකළ මෙම වැටලීමේදී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් 48CC සහ මොවෑඩ් වර්ගයේ යතුරුපැදි 41ක් අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

කුරුණෑගල, වාරියපොළ සහ මාස්පොත යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම යතුරුපැදි කුරුණෑගල ප්‍රදේශයේ වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන ව්‍යාපාරිකයෙකු විසින් යතුරුපැදි අමතර කොටස් ලෙස ගෙන්වා මෙරට දී එකලස් කර මෙම අලෙවි මධ්‍යස්ථාන වෙත විකුණා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම ආයතන වලින් මිලදී ගත් යතුරුපැදි ලියාපදිංචි කර ගැනීමට නොහැකි බවයි ඒවායේ ගැනුම්කරුවන් පවසන්නේ.

ජාවාරම සම්බන්ධයෙන් වාරියපොළ සහ කුරුණෑගල පොලිස් ස්ථාන විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.