පවතින ජාතික හැඳුනුම්පතට වඩා හොඳ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ, මධ්‍යම පළාත් නව කාර්යාලය නුවරඑළියේ දී විවෘත කරමින් අමාත්‍යවරයා මේ බව පවසා සඳහන් කළා.
ඒ සඳහා ටෙන්ඩරය විවෘත කර ඇති බවත් දැනට පවතින ජාතික හැඳුනුම්පතේ තීරු කේතය ඉවත් කර Qර් කේතය සහිත නව හැඳුනුම්පතක් කඩිනමින් නිකුත් කරන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා ස්ථාන 340ක් පවතින බවත් රජයේ මූල්‍ය ගැටලු මධ්‍යයේ වුවද ජනතාවට සේවා සැපයීම සඳහා දිවයින පුරා තවත් කාර්යාල විවෘත කරන බවත් ඇමැතිවරයා එහිදී අවධාරණය කළේය.