― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsසීදූව නියෝජ්‍ය නගරාධිපති කුඩු සමඟ පොලිසියට මාට්ටු

සීදූව නියෝජ්‍ය නගරාධිපති කුඩු සමඟ පොලිසියට මාට්ටු

සීදූව නියෝජ්‍ය නගරාධිපතිවයා කුඩු ග්‍රෑම් 10 ක් සමග බඩල්ගම පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මාර්ගයෙන් මෙම නගරාධිපතිවරයාව පොලිසිය විසින් කොටුකරගෙන තිබෙනවා.

නියෝජ්‍ය නගරාධිපතිවරයා දූනගහ පන්සල ආසන්නයට කුඩු ග්‍රෑම් 10ක් රැගෙන ආ අවස්ථාවේදීයි මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

බඩල්ගම පොලිසිය විසින් මෙම මෙහෙයුම දියත් කර ඇති අතර අදාල නියෝජ්‍ය නගරාධිපතිවරයා විවිධ ප්‍රදේශවලින් කුලියට නිවෙස් ලබාගෙන ඇති බවයි වැඩිදුර පරීක්ෂණවලින් හෙළිවී තිබෙන්නේ.

මොහුව රදවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.