32 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතෙමස් අලි පැටවෙකුගේ මළ සිරුරක් හමුවෙයි

තෙමස් අලි පැටවෙකුගේ මළ සිරුරක් හමුවෙයි

පුත්තලම – කරුවලගස්වැව ප්‍රදේශයෙන් මාස 3ක් වයසැති අලි පැටවෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ පුත්තලම කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුරියාකුලම්, එකෝදපිටිය ප්‍රදේශයේ තිබී මාස 3ක් වයසැති අලි පැටවෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බවයි.

කරුවලගස්වැව වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් සැක කරන්නේ මෙම අලි පැටවා විශාල අලින්ට පෑගී මිය යන්නට ඇති බවටයි.

මියගිය අලි පැටවාගේ දේහය මිහිදන් කිරීමට පියවර ගත් බවයි වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් පවසන්නේ.