― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඊශ්‍රායලය ගැන තුර්කියෙන් දැඩි තීරණයක්

ඊශ්‍රායලය ගැන තුර්කියෙන් දැඩි තීරණයක්

ඊශ්‍රායලය සමග පවතින සියලු වෙළෙඳ සබඳතා අත්හිටුවීමට තුර්කිය පියවර ගෙන තිබෙනවා.

තුර්කි බලධාරීන් උපුටා දක්වමින් බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති අඩවිය මේ බව වාර්තා කර ඇති අතර, මෙලෙස ඔවුන් වෙළෙඳ සබඳතා අත්හිටුවීමට පියවර ගෙන ඇත්තේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයේදී මානුෂික අයිතිවාසිකම් කඩකරන බවට චෝදනා කරමින්.

පසුගිය වසරේදී දෙරට අතර ඩොලර් බිලියන හතකට අධික වෙළෙඳ ගණුදෙනු සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම තීරණයට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් ඒකාධිපතියෙකු ලෙසට කටයුතු කරන බවටයි.