― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsයුපුන් හා නදීෂාගෙන් ලක්මවට පදක්කම් 02ක්

යුපුන් හා නදීෂාගෙන් ලක්මවට පදක්කම් 02ක්

ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන ‘UAE Athletics Grand prix 2024’ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 02ක් දිනා දීමට මෙරට ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් සමත් වී තිබෙනවා.

ඒ අනුව එම තරගාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීට යුපුන් අබේකෝන් සමත් වී තිබෙනවා.

යුපුන් ඒ වෙනුවෙන් වාර්තා කළ කාලය තප්පර 10.18 ක්.

එමෙන්ම එම තරගාවලියේ මීටර 400 කාන්තා ඉසව්වේ දෙවැනි ස්ථානය හිමි කරගැනීමට නදීෂා රාමනායක සමත් වී තිබෙනවා.