― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsප්‍රදේශ රැසක උෂ්ණත්වය තවත් ඉහළට

ප්‍රදේශ රැසක උෂ්ණත්වය තවත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (06) දිනයේදී උෂ්ණත්වය ‘දැඩි අවධානය’ යොමු කළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම එලෙස ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි.

එමෙන්ම බස්නාහිර, සබරගමු සහ දකුණු පළාත්වල සහ මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම ‘අවධානය යොමු කළ යුතු මට්ටමක’ පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.