― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවාහනවල ගිය බහුතරයක් දැන් කෝච්චියට හුරු වෙලා

වාහනවල ගිය බහුතරයක් දැන් කෝච්චියට හුරු වෙලා

පෞද්ගලික වාහන භාවිත කළ බහුතරයක් ඉන්ධන මිල දරාගත නොහැකිව දුම්රියෙන් ගමන් කිරීමට යොමුව ඇති බැවින් දුම්රිය ධාවන කටයුතු පුළුල් කරන ලෙස දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රවාහන ඇමතිවරයාගෙන් ඉල්ලා ඇත.

ඒ අනුව අධික මගී තදබදයක් පවතින අවස්ථාවන්හිදී ඊට සරිලන ලෙස නව ගමන් වාර ක්‍රියාත්මක කිරීම, මගී ධාරිතාව වැඩි අවස්ථාවලදී තනි බලවේග කට්ටල ද්විත්ව බලවේග කට්ටල ලෙස පත් කිරීම, මගී ධාරිතාව වැඩි දුම්රියන් සඳහා තවත් අමතර මැදිරි එක් කිරීම හා අනවශ්‍ය දුම්රිය ගමන්වාර අවලංගු කරමින් නව දුම්රිය කාලසටහන් හඳුන්වා දීම වැනි යෝජනා කිහිපයක් දුම්රිය ස්ථානාධිපති සංගමය ඉදිරිපත් කර ඇත.

දරාගත නොහැකි අයුරින් ඉන්ධන මිල ඉහළ යෑම මත අනෙකුත් පොදු ප්‍රවාහන සේවාවල ගාස්තු වැඩි වූ නිසා මෙම දිනවල විශාල මගීන් සංඛ්‍යාවක් අනාරක්ෂිත අයුරින් දුම්රියෙහි ගමන් කිරීමට පෙලඹීම හේතුවෙන් එලෙස ඉල්ලීම් කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

නගරබද කලාප වන පොල්ගහවෙල, කොළඹ කොටුව, මීගමුව, අලුත්ගම, මරදාන සහ අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථානවල මගී ආදායම පසුගිය කාලවකවානුවට සාපේක්ෂව ඉහළ ගොස් ඇතැයි ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේය.වාහනවල ගිය බහුතරයක් දැන් කෝච්චියට හුරු වෙලා