― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsකේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ

කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ

යාපනය උතුර, වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 යි ග්‍රෑම් 500ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වවුනියාව විශේෂ පොලිස් විමර්ශන ඒකකයට ලද රහසිගත තොරතුරක් මත අද (06) අලුයම සිදුකළ හදිසි වැටලීමකදී ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය් වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය උතුර, වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි 36 සහ 35 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 යි ග්‍රෑම් 500ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ අත්අඩංගුවට ගත් කේරළ ගංජා මරුතංගේනි පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිස් ස්ථානයේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් හා මරුතංගේනි පොලිසිය එක්ව වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.