25.6 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News'මන්නා රමේෂ්' දිවයිනට රැගෙන එයි

‘මන්නා රමේෂ්’ දිවයිනට රැගෙන එයි

ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක නොහොත් ‘මන්නා රමේෂ්’ දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ අද (07) අලුයම 4.45 ඩුබායිහි සිට මෙරටට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් ඔහු මෙරටට රැගෙන විත් ඇති බවයි.

ව්‍යාපාරිකයන්ට මරණ තර්ජන එල්ල කර කප්පම් ලබා ගැනීම, මිනීමැරුම් සිදු කිරීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී සිටි මන්නා රමේෂ් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී රතු වරෙන්තු මත පසුගියදා අත්අඩංගුවට ගැනුණා.