― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsAccidentවැල්ලවායේ රිය අනතුරක් - අයෙක් ජීවිතක්ෂයට

වැල්ලවායේ රිය අනතුරක් – අයෙක් ජීවිතක්ෂයට

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ හදපානාගල සෝමියල් හන්දිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මාර්ගයේ ගමන් ගත් පදිකයෙකුගේ කිසියම් වාහනයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුර සිදු කළ රථය පලාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

අනතුරින් පසු මාර්ගයේ තිබූ මළ සිරුර මතින් මාර්ගයේ ධාවනය වූ තවත් රථ වාහන රැසක් ගමන් කර ඇති අතර එම නිසා මළ සිරුර හඳුනාගන නොහැකි ආකාරයෙන් කැබලිවලට වෙන් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ අලුගල්ගේ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි තිදරු පියෙකි. අනතුර සිදුකල රථය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැහැ.

කෙසේනමුත් අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැදිදුර විමර්ශන සිදු කරනු ලබනවා.