― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsවිජයදාසගේ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

විජයදාසගේ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියම කළා.

විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පසුගියදා නිකුත් කළ වාරණ නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අමාත්‍යවරයා විසින් ගොනු කළ පෙත්සමයි මෙලෙස නිෂ්ප්‍රභා කෙරුණේ.

විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.