― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsලිට්‍රෝ සමාගමට නව ගෑස් පර්යන්තයක්

ලිට්‍රෝ සමාගමට නව ගෑස් පර්යන්තයක්

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව ගෑස් පිරවුම් පර්යන්තය හෙට (08) විවෘත කිරීමට නියමිතය.

රුපියල් බිලියනයක් ආයෝජනය කරමින් මාබිම ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම නව පර්යන්තය තුළින් දිනකට සිලින්ඩර් හැටදහසක් බෙදාහැරීමේ හැකියාව පවතිනවා.

අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මෙසේද පැවසීය.

නව පිරවුම් පර්යන්තයක් හෙට විවෘත කරනවා. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට. කෙරවලපිටිය පර්යන්තය ප්‍රමාණවත් නැහැ. දිනකට සිලින්ඩර් 60,000ක් නිකුත් කරනවා. දෙසැම්බර් සිට සතියට දවස් 2ක්. පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වනවිට කෙරවලපිටිය හා මාබිම පර්යන්ත දෙකම වැඩ. කෙරලවලපිටිය නවත්වන්න ඕන වුණොත්. මාබිම සිට කාර්යක්ෂවම ගෑස් බෙදාහරින්න පුළුවන්.