― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගුවන්තොටුපොළේදී සුරංග ලක්මාල් මුහුණ දුන් අනපේක්ෂිත සිද්ධිය

ගුවන්තොටුපොළේදී සුරංග ලක්මාල් මුහුණ දුන් අනපේක්ෂිත සිද්ධිය

ඉන්දීය සංචාරය නිම කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) අලුයම දිවයිනට පැමිණියේය.

එම ටෙස්ට් තරගාවලියට තරග 2ට 0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වූ අතර එම අවස්ථාවේදී ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයට පැමිණි පුද්ගලයෙකු විසින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය ලැබීම සම්බන්ධයෙන් අවලාද නගා තිබේ.

ඒ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පැවසුවේ,

“එක පුද්ගලයෙක් ප්‍රශ්නයක් ඇහුවා. ඒ පුද්ගලයා මගේ මුහුණට කිව්වා. මම ප්‍රශ්නයට උත්තර දුන්නා. මම හිතන්නේ ඕවා සාමාන්‍ය දේවල්. තරගය පරදිනකොට එක විදිහක්. දිනන කොට එක විදිහක්. ක්‍රීඩකයෝ විදිහට අපි ඒක තේරුම් ගන්න ඕනේ. එක එක පුද්ගලයෝ එක එක විදිහයි. අප්‍රසාදය පළ කරනවා. ප්‍රසාදය පළ කරනවා. ඒ හැම දෙයක්ම ක්‍රිඩකයෝ විදිහට විඳගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ පුද්ගලයාට මම ඒ දේ තේරුම් කළා. එතනින් එහාට කිසිම තරහක් නැහැ. මම හිතන්නේ හැමෝම බලාපොරොත්තුවන්නේ තරගාවලි දිනන්න. ජය පරාජ දෙකම අපිට විඳගන්න පුළුවන් වෙන්න ඕනේ. ප්‍රේක්ෂකයන්ගෙන් මම එකම දෙයයි ඉල්ලන්නේ. මින් අනතුරුව රටට ක්‍රිඩා කරන්නේ නැහැ. හොඳ ප්‍රේක්ෂකයෝ පිරිසක් අපිට ඉන්නවා. මම හිතන්නේ ඒ අය ක්‍රිඩකයින්ට උදව් කරයි කියලා මම විශ්වාස කරනවා.”