― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඇමරිකාවෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

ඇමරිකාවෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

රෆා ඉලක්ක කරගනිමින් භූමි මෙහෙයුමක් දියත් කළහොත් එක්සත් ජනපදය ආයුධ සැපයීම නතර කරන බවට ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට අනතුරු අඟවා තිබෙනවා.

ඔහු CNN සමඟ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ “ඊශ්‍රායලය ආරක්‍ෂිත බව තහවුරු කිරීමට තමා දිගටම කටයුතු කරන” බවයි.

එක්සත් ජනපදයේ විරෝධය නොතකා, ඊශ්‍රායලය රෆා වෙත මහා පරිමාණ ආක්‍රමණයක් දියත් කිරීමට සූදානම් වනවා. දකුණු ගාසා තීරයේ ජනාකීර්ණ රාෆා, හමාස් සංවිධානයේ අවසාන ප්‍රධාන බලකොටුවයි.

ගාසා තීරයේ අනෙකුත් ප්‍රදේශවලින් පැමිණි සරණාගතයින් එහි රැඳී සිටීම හේතුවෙන් රෆා හි සිදුකරන මෙහෙයුමකින් සිවිල් වැසියන්ට බරපතල හානි සිදුවිය හැකි බවට එක්සත් ජනපද නිලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.