― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsදිස්ත්‍රික්ක 05කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 05කට නායයෑමේ අනතුරු ඇඟවීම්

මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 05කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ බදුල්ල, මහනුවර, රත්නපුර, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

එම දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75ට වැඩි වර්ෂාපතනයක් වාර්තා වීමත් සමඟ නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනව.