― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsමළ ගෙදරට ලයිට් දාන්න ගිය අයෙක් අවසන් ගමන් යයි

මළ ගෙදරට ලයිට් දාන්න ගිය අයෙක් අවසන් ගමන් යයි

අවමංගල උත්සවයකදී මාර්ගයට ආලෝකය ලබාදීමට ගිය අයෙක් විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ කලගෙඩිහේන ප්‍රදේශයේ පැවති අවමංගල උත්සවයක මාර්ගයට ආලෝකය ලබාදීමට ගිය පුද්ගලයින් පස්දෙනෙකුට විදුලි සැර වැදී ඇති බවයි.

විදුලි බල්බ සවිකිරීමට යොදාගත් වයරය මාර්ගයේ තිබූ අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් මෙම්ක අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් සිව්දෙනා ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 40ක කළගෙඩිහේන ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.