― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsAccidentබස් - යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් රෝහලට

බස් – යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් රෝහලට

රත්නපුර, බුළුතොට, පල්ලෙබැද්ද මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

යතුරුපැදියක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් ඊයේ (14) පස්වරුවේ මෙම අනතුර සිදුවුණා.

අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී එක්වරම ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් යතුරුපැදියේ පිටුපසින් ගමන් ගත් පුද්ගලයා කුඩයක් ඉහළා ඇති අතර ඒ හේතුවෙන් රියදුරුට මාර්ගය නිවැරදිව නොපෙනී බස් රථයේ ගැටී ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.