23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිවසට පැන්න සොරා තාප්පෙන් වැටී ජීවිතක්ෂයට

නිවසට පැන්න සොරා තාප්පෙන් වැටී ජීවිතක්ෂයට

අවිස්සාවේල්ල – උක්වත්ත ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකු එම නිවසේම ඉදිරිපිට වැටී මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (16) පෙරවරුවේ මෙම සිද්ධිය සිදුව ඇති බවයි.

උක්වත්ත ප්‍රදේශයේ අලුතින් ඉදිකරමින් තිබූ නිවසකට ඇතුළු වූ සොරෙකු එම නිවසේ තිබූ ජංගම දුරකථනයක් සොරාගෙන නිවසේ තාප්පයෙන් පැන යාමට උත්සාහ කිරීමේදී ඉන් වැටී මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය අවිස්සාවේල්ල පොලිසියට වාර්තා කිරීමෙන් පසු අවිස්සාවේල්ල පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

මියගිය සැකකරු මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.