― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉරාන ජනපති මියගිය බව තහවුරු වෙයි

ඉරාන ජනපති මියගිය බව තහවුරු වෙයි

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මියගොස් ඇති බව ඉරාන බලධාරීන් තහවුරු කර තිබෙනවා.

ඉරාන ජනාධිපති රයිසි ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක් ඊයේ (19) ඉරාන – අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්ව තිබුණා.

එම උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් හෙලිකොප්ටර් යානය යළි පැමිණෙමින් තිබියදී අධික වැසි සහ සුළං තත්ත්වය හමුවේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ වර්සාකාන් සහ ජොල්ෆා නගර අතර ඩිස්මාර් නම් කඳුකර වනාන්තර කලාපයේදී අනතුරට ලක්වුණා.

යානය අනතුරට ලක්වන අවස්ථාවේදී ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍ය විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.