හොරණ – බැල්ලපිටිය ප්රදේශයේදී එළවළු ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී ඊයේ (19) සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබුවා.
පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ ලොරි රථයේ සහායකයා ලෙස කටයුතු කළ 55 හැවිරිදි නුවරඑළිය – කටුපොළ පදිංචි පුද්ගලයෙක් බවයි.
තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු මේ වනවිට හොරණ මූලික රෝහලේ ප්රතිකාර ලබනවා.