28.9 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහත් කෝටියක හෙරොයින් සමඟ කතක් මාට්ටු

හත් කෝටියක හෙරොයින් සමඟ කතක් මාට්ටු

රුපියල් හත් කෝටි තිස්පන් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් සිය ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සඟවාගෙන පැමිණි විදේශීය කාන්තාවක් ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (20) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 57 හැවිරිදි පාකිස්ථානු ජාතික කාන්තාවක් වන අතර ඇය ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන බව හගවමින් මෙම හෙරොයින් තොගය ගුවන්තොටුපොළෙන් පිට කරගෙන යාමට උත්සාහ දරා තිබෙනවා.

ඇය අද (20) උදෑසන 09.45 ට අබුඩාබි නුවර සිට එතිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි. – 392 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක වෙනම ඇසුරුමක් ලෙස මෙම හෙරොයින් තොගය සකස් කර සඟවාගෙන රැගෙනවිත් තිබූ අතර එහි තිබී කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 450 ක් බරැති හෙරොයින් තොගයක් සොයාගෙන තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම පාකිස්ථානු ජාතික කාන්තාව සහ ඇය විසින් රැගෙන ආ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.