― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅයහපත් කාලගුණයෙන් 33,000ක් පීඩාවට

අයහපත් කාලගුණයෙන් 33,000ක් පීඩාවට

දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක පුද්ගලයින් 33,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ රත්නපුර, කොළඹ, කෑගල්ල, අනුරාධපුර, මහනුවර, ගාල්ල, යාපනය, කළුතර, පුත්තලම සහ ගම්පහ යන ප්‍රදේශවල ජනතාව අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බවයි.

ඒ අනුව පුද්ගලයින් 1,827 දෙනෙකු තාවකාලිකව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර ඔවුන් සඳහා සහන සේවා ක්‍රියාත්මකයි.