― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalඩෝසන් වීදියේ අමානුෂික මනුෂ්‍ය ඝාතනයක්

ඩෝසන් වීදියේ අමානුෂික මනුෂ්‍ය ඝාතනයක්

කොම්පඤ්ඤවිදිය පොලිස් වසමේ ඩෝසන් වීදිය ප්‍රදේශයේදී සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පොලිස් විමර්ෂණ ආරම්භ කර තිබේ.

පුද්ගලයන් දෙදෙනෙකු අතර ඊයේ (17) ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් ඉන් එක් අයෙකු තියුණු ආයුධයකින් අනෙක් පුද්ගලයාගේ ගෙල කැපිමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඩෝසන් විදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 ක අයෙක් වන අතර මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිමට විමර්ශන ක්‍රියාත්මකයි.