27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඩෝසන් වීදියේ අමානුෂික මනුෂ්‍ය ඝාතනයක්

ඩෝසන් වීදියේ අමානුෂික මනුෂ්‍ය ඝාතනයක්

කොම්පඤ්ඤවිදිය පොලිස් වසමේ ඩෝසන් වීදිය ප්‍රදේශයේදී සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පොලිස් විමර්ෂණ ආරම්භ කර තිබේ.

පුද්ගලයන් දෙදෙනෙකු අතර ඊයේ (17) ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් ඉන් එක් අයෙකු තියුණු ආයුධයකින් අනෙක් පුද්ගලයාගේ ගෙල කැපිමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඩෝසන් විදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 ක අයෙක් වන අතර මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිමට විමර්ශන ක්‍රියාත්මකයි.