― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsමැතිවරණ ප්‍රචාරක වේදිකාවක් කඩා වැටී 09ක් ජීවිතක්ෂයට

මැතිවරණ ප්‍රචාරක වේදිකාවක් කඩා වැටී 09ක් ජීවිතක්ෂයට

මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක වේදිකාවක් කඩා වැටීමෙන් 9 දෙනෙකු මිය ගොස් 54 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙක්සිකෝවේ ජනාධිපතිවරණය ජූනි 2 වැනිදා පැවැත්වීමට නියමිත අතර, එරට උතුරු පළාතේ තදාසන්න ප්‍රදේශවලට ඊයේ හමාගිය තද සුළං හේතුවෙන් ප්‍රචාරක වේදිකාවක් කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පුරවැසි ව්‍යාපාර පක්ෂයේ ජනාධිපති අපේක්ෂක Jorge Álvarez Máynez ගේ ප්‍රචාරක කටයුතු සඳහා සකස් කර තිබූ වේදිකාවකුයි මෙලෙස කඩා වැටී ඇත්තේ.

මෙම අවස්ථාවට පුරවැසි ව්‍යාපාරයේ විවිධ නායකයින්ද සහභාගී විය.

ජනාධිපති අපේක්ෂක Jorge Álvarez Máynez ඔහුගේ X ගිණුමේ සඳහන් කළේ ඔහුට මෙම අනතුරෙන් තුවාල කිසිවක් සිදුව නොමැති බවයි.