29 C
Colombo
Wednesday, October 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැල්ලම්පිටියේ කුඩු රැජින අත්අඩංගුවට

වැල්ලම්පිටියේ කුඩු රැජින අත්අඩංගුවට

‘වැල්ලම්පිටියේ කුඩු රැජින’ යන අනවර්ථ නාමයෙන් හැඳින්වූ කාන්තාවක් හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව ඊයේ (27) වේල්ල වීදිය හා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම්වල නව කැළණි පාලම, සේදවත්ත, වැල්ලම්පිටිය ලිපිනයේදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී හෙරොයින් ග්‍රෑම් 07 යි මිලි ග්‍රෑම් 280 ක් සන්තකයේ තබාගෙන සිටි වැල්ලම්පිටියේ කුඩු රැජින ලෙස හදුන්වන වයස අවුරුදු 40 ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.