25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැඩි කළ වතු වැටුපටත් හාම්පුතුන්ගෙන් කොක්කක්

වැඩි කළ වතු වැටුපටත් හාම්පුතුන්ගෙන් කොක්කක්

වතු කම්කරුවන් සඳහා ගෙවිය හැක්කේ උපරිම රුපියල් 1380ක දෛනික වැ⁣ටුපක් බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසනවා.

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ ගැසට් නිවේදනය සහ ඒ ආශ්‍රිතව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ දැනුවත් නිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැවිලිකරුවන් මේ බව සඳහන් කළා.

පසුගිය අප්‍රේල් මස 30 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ නංවමින් රජය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලංකා කම්කරු කොංග්‍රස් මැයි රැළියේදි ඒ බව වතු ප්‍රජාවට දැනුම් දුන්නේ මැයි දින ත්‍යාගයක් ලෙසයි.

කෙසේ වෙතත්, එම තීරණයට වතු හාම්පුතුන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්. එවන් පසුබිමක වැඩිකළ වැටුප ⁣නොගෙවන වතු රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් පසුගිය කැබ්නට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී තිබුණා.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කළා.