30.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපාස්කු ප්‍රහාරයෙන් බැට කෑ කතක් මෙළොව හැරයයි

පාස්කු ප්‍රහාරයෙන් බැට කෑ කතක් මෙළොව හැරයයි

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා වසර 5කට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තිළිණි හර්ෂණී නැමැති කාන්තාවක්.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ඔහුගේ පුත් තුලෝත් ඇන්තනී ද මියගිය බවයි වාර්තා වන්නේ.

2019 අප්‍රේල් 21 වැනිදා මෙරට ස්ථාන 8කදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් 273ක් මිය ගොස් 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.