රජය වාහන ආනයනයට අවසර දෙන්නේ නම් මෙරට තුළ මුදල් කළමනාකරණය කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඊයේ (28) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළා.
වාහන ආනයනය සඳහා ක්‍රමානුකූලව අවසර ලබාදීම ඉතා වැදගත් තීරණයක් බවයි මහබැංකු අධිපතිවරයා එහිදී පවසා ඇත්තේ.