27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුරු - විදුහල්පති වර්ජනය අඛණ්ඩව

ගුරු – විදුහල්පති වර්ජනය අඛණ්ඩව

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව ඊයේ පෙරවරුවේ ආරම්භ කළ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකයි.

මෙහිදී කොළඹ ප්‍රදේශයේ පාසල් රැසක ගුරුවරුන් සේවයට වාර්තා කළ අතර කොළඹින් පිට පළාත්වල පිහිටි පාසල්වල ගුරුවරුන් පැමිණීමෙහි අඩුවක් දක්නට ලැබුණා.

වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.

රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කර ඇති පසුබිමකයි වෘත්තීය සමිති මෙම ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ.

නමුත් වර්ජනය මධ්‍යයේ වුවද කොළඹ ප්‍රදේශයේ පාසල් රැසක ගුරුවරුන් සහ ළමයින් සාමාන්‍ය පරිදි පාසල් පැමිණ තිබුණා.

එහෙත් කොළඹින් පිට ඇතැම් ප්‍රදේශවල පාසල්වලට ගුරුවරුන් නොපැමිණීම නිසා අධ්‍යන කටයුතුවලට බාධා එල්ල වූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව විසින් ක්‍රියාත්මක කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අසාර්ථක බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ.