― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමේ රජය හොරකම, දූෂණය, වංචාවෙන් පිරිලා

මේ රජය හොරකම, දූෂණය, වංචාවෙන් පිරිලා

මේ වන විට රට පාලනය කරන්නේ හොරකම, දූෂණය, අල්ලස හා වංචාව ආරක්ෂා කරන රජයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (03) අම්පාර, මහඔය, බොරපොළ මහා විද්‍යාලයට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අප රට මේ විට බංකොලොත් වී ඇති බවත් මේ බංකොලොත්භාවයෙන් ගොඩගන්න විනිවිදභාවයෙන් යුක්ත පාරදෘශ්‍ය අවංක හා හොරකමින් තොර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු වුවත් තවමත් එවැනි දෙයක් පෙනෙන්නට නොමැති බවත් බැක්ටීරියා මඟින් සිදුවන ආසාධන නවතාගන්න ඇති මෙරපෙනම් නම් එන්නතක් 2022 නොවැම්බර් මස දී රට සතුව නොමැති යැයි පවසා එන්නත් කුප්පි 450000ක් හදීසි ක්‍රමවේදය තුළ මිලදී ගැනීම නිසා රටට තිස්හය කෝටි අසූනවලක්ෂ පනස්දහසක් පාඩු වී ඇති බවට විගණකාධිපති වාර්තාවක සඳහන් බවත් මෙය මහ දවාලේ රටේ සම්පත් සොරකමක් බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

ඒ වනවිට තොග ගබඩාවල 488590ක් එන්නත් තිබියදී එකක්වත් නොමැති යැයි පවසා හදීසි මිලදී ගැනීම් හරහා මෙම නව තොගය ලබා ගෙන ඇති බවත් එහි දී එක් කුප්පියක් රුපියල් 1075කට ගැනීමට තිබියදී එය රුපියල් 1895කට මිලදී ගෙන ඇති බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.

බංකොලොත් වී ඇති, කෘෂිකර්මාන්තය, ව්‍යාපාර හා ව්‍යවසායකත්වය බිඳ වැටුණු රටේ එන්නත් කුප්පියෙනුත් කොමිස් ලබා ගෙන ඇති බවත් මේ දූෂිත ක්‍රියාදාමය සිදුකළ හිටපු ඇමතිවරයාට විරුද්ධව සමගි ජන බලවේගය විශ්වාසභංගයක් ගෙන ආවේ ඔහුව රැකගන්න 113 දෙනකු අත ඉස්සූ බවත් ඔවුන් වැරදි දෙයට සහාය පළ කර හොරකම අල්ලස දූෂණය ආරක්ෂා කරන්න කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළේය.

මේ එන්නත් සඳහා යොදා ගත් වැඩිපුර මුදල් සුහුරු පන්ති කාමර සකස් කරන්න යොදා ගැනීමට තිබූ බවත් මේ වන විට රටේ සිදුවන්නේ පැය 24ම ඇන්දවිල්ල රැවටිල්ල බොරුව බවත් ලක්ෂ 220 මෝඩයෝ ගාණට දමා පාලකයෝ කටයුතු කරනා බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

බොරු ප්‍රවෘත්ති දැමීම, බොරු ප්‍රකාශ කර ව්‍යාකූල කිරීම, රැවැට්ටීම් සිදු කර කොමිස් ගැසීම් පවා සිදු කරනා බැවින් සමගි ජන බලවේග රජයක් තුළ විනිවිදභාවයෙන් යුක්තව දූෂණය මර්දනයට කිරීමට කැපවූ රටේ ලක්ෂ 220 ජනතාව ජීවත් කරවන්න කැපවූ යුගයක් බිහි කරනා බවත් ඒ යුගය තුළ සියලුම හොරකම් පිටුදැක හොරා කාපු සියලු දෙනා නීතිය හමුවට ගෙනවිත් රටට අහිමි වූ මුදල් නැවතත් රටට ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අප රටේ බොහෝ විට සිදුවන්නේ රැවටිල්ල, මුලාව, මුසාව, බොරුව, ඇන්දවිල්ල බවත් ඔවුන් එක් එක් ප්‍රදේශවලට ගොස් ඡන්ද මල්ල ගැන සිතා සිංහල පමණයි දමිළ පමණයි කියමින් යන බවත් ඔවුන් එසේ ගියත් තමා යන්නේ ඡන්ද මල්ල වැඩි කර ගැනීමට වඩා ජනතාවට ඇත්ත ඇති සැටියෙන් කියා දීමට බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ වනවිට ලෝකය නව තාක්ෂණයේ දියුණුවක් සිදුවෙමින් යන බවත් එහි දී සම්ප්‍රදානුකූල රැකියා අවලංගු වෙමින් යන බවත් එහි දී පුද්ගල කේන්ද්‍රීය අධ්‍යාපනය වැදගත් බවත් එම නිසා පාසල් දූ දරුවන් තාක්ෂණික මට්ටමින් ඉහළ මට්ටමක සිටිය යුතු බවත් සුහුරු විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.