27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොරෙන් පුවක් කැඩීමට ගිය තරුණයෙක් ජීවිතක්ෂයට

හොරෙන් පුවක් කැඩීමට ගිය තරුණයෙක් ජීවිතක්ෂයට

බදුල්ල, පුස්සැල්ලාගොල්ල ප්‍රදේශයේදී හොරෙන් පුවක් කැඩීමට ගිය තරුණයෙක් විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස මියගිය තරුණයා තවත් අයෙක් සමඟ බදුල්ල, පුස්සැල්ලාගොල්ල, නුගේ හංදිය ප්‍රදේශයේ ඉඩමක හොරෙන් පුවක් කැඩීමට ගිය අවස්ථාවේදී විදුලි සැර වැදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ විමල්ස විදුරංග ජයසේකර නැමැති බදුල්ල, හම්බාවෙල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

මියගිය තරුණයා තවත් අයෙකු සමඟ රාත්‍රි කාලයේ පුස්සැල්ලාව ප්‍රදේශයේ වතුවල ඇති පුවක් සොරකම් කිරීම සඳහා ගොස් ඇති අතර එහිදී ඉඩම් හිමියෙකු විසින් සොරුන්ගෙන් පුවක් අස්වැන්න ආරක්ෂා කිරීමට ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය තරුණයා සමඟ හොරෙන් පුවක් කැඩීමට ගිය බව අනෙක් තරුණයා අද (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.