මේ වනවිට ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු අවසන් අදියරේ පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ලැබී ඇති ප්‍රතිඵල අනුව මහ මැතිවරණයේ බහුතර ජය ලබාගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විසිනුයි.
ඉන්දීය පාර්ලිමේන්තුව හෙවත් ලොක් සභාවේ ආසන 543ක් පවතින අතර එහි ආසන 272ක් ලබාගන්නා පක්ෂයට බහුතර බලය පිහිටුවීමට හැකියාව ලැබෙනවා.
ඉන්දීය මැතිවරණය සැලකෙන්නේ ලොව විශාලතම මහ මැතිවරණය ලෙසයි.