28.3 C
Colombo
Saturday, May 31, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගුටි කෙළියකින් සිසුවෙක් ජීවිතක්ෂයට

ගුටි කෙළියකින් සිසුවෙක් ජීවිතක්ෂයට

හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශයේදී සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් 15 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හම්බන්තොට, බැද්දෙවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

මොවුන් දෙදෙනා අතර පැවති ආරවුලක් දුරදිග ගොස් මෙම ගැටුම හටගෙන ඇති අතර පහරදීමෙන් බරපතල තුවාල ලැබූ සිසුවා හම්බන්තොට රෝහලට ඇතුළත් කර හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පහරදීම සිදු කළ සිසුවා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.