27 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපැය 24ක ජල කප්පාදුවක්

පැය 24ක ජල කප්පාදුවක්

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 24ක  කාලයක් ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

නල මාර්ගයේ සිදු වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ඊයේ (18) රාත්‍රි 08.00 පමණ ජල සැපයුම අත්හිටුවීමට සිදු වූ බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව, කොළඹ 05, කොළඹ 06, බත්තරමුල්ල, පැලවත්ත, උඩුමුල්ල, හිඹුටාන, රත්මලාන සහ දෙහිවල – ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශ සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බව සඳහන් වේ.

එමෙන්ම කොළඹ 04 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය  සඳහන් කළේය.