― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot NewsSTF ඩ්‍රෝන ඇසෙන් ගංජා වගාවක් වැටලූ හැටි

STF ඩ්‍රෝන ඇසෙන් ගංජා වගාවක් වැටලූ හැටි

කරපිංචලන්ද, හම්බේගමුව වැව් රක්ෂිතයේ ඉතා සූක්ෂම වගා කරන ලද මහා පරිමාණ ගංජා වගාවන් 02 ක් විශේෂ කාර්ය බලකාය නවීන ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරමින් වටලා තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (10) හම්බේගමුව පොලිස් වසමේ කරපිංචලන්ද, හම්බේගමුව වැව් රක්ෂිතයේ දී ඩ්‍රෝන යානා උපයෝගි කරගනිමින් මෙම වැටලීම් සිදුකර තිබුණා.

එහිදී නීති විරෝධීව පාත්ති 25ක නීතිවිරෝධීව තවාන් කර තිබූ ගංජා පැළ 18,7857 ක් සමඟ පින්නවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම පර්චස් 20 ක පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබූ උස අඩි 05 පමණ වන ගංජා ගස් 6,725 ක වගාවක් ද විශේෂ කාර්ය බලකාය විසින් නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් වටලා තිබෙනවා.

අත්අඩංගුවට ගත් ගංජා පැළ කිහිපයක් සාම්පල් ලෙස වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හම්බේගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අනෙකුත් ගංජා ගස් එම ස්ථානයේදීම ගිනි තබා විනාශ කිරීමට කටයුතු කර තිබෙනවා.