― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජනපති සහ සාර්ක් මහලේකම් අතර හමුවක්

ජනපති සහ සාර්ක් මහලේකම් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සාර්ක් මහලේකම් ගොලාම් සර්වාර් (Golam sarwar) අතර හමුවක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

සාර්ක් රටවල් අතර ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘතිවලට අදාළව මතුව තිබෙන ගැටලු විසඳා ගැනීම පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර ඒ සඳහා අපක්ෂපාතීව මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා සාර්ක් මහ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙරට ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එහිදී සාර්ක් රටවලින් ලබාගත හැකි සහාය පිළිබඳව ද අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය මොඩර්න් ආර්ට් සඳහා සංවර්ධනය කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.