― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහැමෝම කයිවාරු ගහන යුගයක මං තනියෙන් වැඩ කළා

හැමෝම කයිවාරු ගහන යුගයක මං තනියෙන් වැඩ කළා

ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික, අධ්‍යාපනික හා සෞඛ්‍ය අයිතියත් මූලික අයිතිවාසිකමක් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (12) යාපනය වඩ්ඩුක්කොඩ්ඩායි වුලිපුරම් වික්ටෝරියා විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා නවීන බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සඳහා වෙනමම පරිච්ඡේදයක් අන්තර්ගත බවත් මෙම මූලික අයිතිවාසිකම්වලට අයත් වන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් බවත් ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික, අධ්‍යාපනික හා සෞඛ්‍ය පැතිකඩ අයත් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇතැම් දේශපාලනඥයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මහලොකුවට කයිවාරු ගහන යුගයක කයිවාරුවට පමණක් සීමා නොවී ජනතා වරමින් බිහි වන සමගි ජන බලවේග රජයක් තුළ අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික අයිතිය ආදී අයිතීන් ද මානව අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කර ලක්ෂ 220 ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන යුගය බිහි කරනා බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

පාසල් සඳහා බස් බෙදන විට තමාට බස් මෑන් යැයි කියමින් අපහාස කරන, විවේචනය කරන කුහකයන් කොට්ඨාසයක් මේ බංකොලොත් රටේ සිටින බවත් ඔවුන්ට කියන්න ඇත්තේ මෙවැනි බස් රථ ලබා දෙන විට ඒවාට වෛර නොකර තමා සමඟ තරගයට ජනතාවට වැඩ කිරීමට පැමිණෙන ලෙසත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.