― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅගමැති මෝදි ඉතාලියේ සංචාරයක

අගමැති මෝදි ඉතාලියේ සංචාරයක

තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි සිය පළමු නිල සංචාරය ආරම්භ කරමින් ඉතාලියට පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉතාලි අගමැති ජෝර්ජියා මලෝනිගේ ආරාධනයක් මත G7 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ඔහු මෙම සංචාරයේ නිරත වන බවයි.

ඉතාලියේ පූලියා හිදී 50 වැනි G7 රාජ්‍ය නායක සමුළුව අද (14) පැවැත්වෙනවා.

සමුළුව අතරතුර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉතාලි අග්‍රාමාත්‍යවරිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.

G7 සමුළුවට ඉන්දියාව සහභාගී වන එකොළොස් වැනි අවස්ථාව වන අතර අගමැති මෝදි සමුළුවට පිට පිටම සහභාගි වන පස්වැනි අවස්ථාව වනවා.