― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාවට අනුමැතිය

ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාවට අනුමැතිය

ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වයෙන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම නව ව්‍යවස්ථාවට අවශ්‍ය නම් සංශෝධන සිදු කිරීම සඳහා ද අවස්ථාව උදාකර දී තිබෙන බවයි.

“මේ වන විට රජය විසින් උරුමය සහ අස්වැසුම ඇතුළු වැදගත් ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාවට නඟා තිබෙනවා. ඒ වගේම පසුගිය සමයේ නතර වී තිබූ සංවර්ධන ව්‍යාපෘති රැසක්ම මේ වන විට ආරම්භ කර තිබෙනවා. විමධ්‍යගත ප්‍රතිපාදන හරහා ගමේ, නගරයේ යළි සංවර්ධන කටයුතු ද ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා සහය දැක්වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බව මෙහිදී සඳහන් කළ යුතුයි. ජනතාවගේ යුතුකම් ඉෂ්ඨ කිරීමට හැකි වී ඇති මේ අවස්ථාවේ දී අප හැමෝම අපගේ රාජකාරිය ඉටුකළ යුතුයි.

අප මෙම අමාත්‍යාංශ බාර ගන්නා විට රටේ ගැටලු රැසක් ඇති වී තිබුණා. නමුත් මේ වන විට අප ක්‍රම ක්‍රමයෙන් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට කටයුතු කර තිබෙනවා. රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම් සිදුකළ නොහැකි අවස්ථාවක වුවද ග්‍රාමසේවා වසම් 1942 ක් සඳහා නව නිලධාරීන් පත් කිරීමට ද කටයුතු කළා. මේ වන විට ඔවුන් සඳහා වන පුහුණු වීම් කටයුතු සිදුකරමින් පවතිනවා.

ඒ වගේම ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව පිළිබඳ ගැටලුව දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණා. ඒ සඳහා ඉදිරිපත් කළ නව සේවා ව්‍යවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වයෙන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නම් සංශෝධන ඇති කිරීම සඳහා ද අවස්ථාව උදාකර දී තිබෙනවා.

ග්‍රාමසේවා නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග පැවති සමයේ ආපදා තත්ත්වයක් ඇති වුණා. නමුත් දිවයිනේ බහුතර ග්‍රාමසේවා නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් එම අවස්ථාවේ ඉදිරිපත් වී තම රාජකාරිය නිසි පරිදි ඉටු කිරීම සම්න්ධයෙන් ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. එමෙන්ම දිවයින් පුරා ග්‍රාමීය ආහාර සුරක්ෂිතා කමිටු සහ පෝෂණ කමිටු නිර්මාණය කර ඒ හරහා සුරක්ෂිත ආහාර වේලක් ජනතාවට ලබාදීමට හැකි වී තිබෙනවා.”