ජූලි මාසයේ සිට වීසා රෙගුලාසි දැඩි කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියාවට යන සංචාරක වීසා බලපත්‍රලාභීන්ට ලබන මස පළමුවැනිදා සිට ශිෂ්‍ය වීසා බලපත්‍ර සඳහා අයදුම් කළ නොහැක.
මේ හරහා ඔස්ට්‍රේලියාවට අනවසර සංක්‍රමණිකයන් පාලනය කළ හැකි බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ඕස්ට්‍රේලියානු රජය පසුගිය වසරේ සිය වීසා නීති දැඩි කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශයට පත් කළ අතර 2025 වන විට රටට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව සියයට 50 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.