31.1 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපියාගේ ට්‍රැක්ටරයට යට වී දියණිය ජීවිතක්ෂයට

පියාගේ ට්‍රැක්ටරයට යට වී දියණිය ජීවිතක්ෂයට

කුඹුරේ සී සාමින් සිටි පියාගේ ට්‍රැක්ටරයට යට වී ඔහුගේම දියණිය මියයාමේ පුවතක් මන්නාරම, මුරුංගන් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ මන්නාරම, මුරුංගන් පොලිස් වසමේ පූවර්සන්කුලම් ප්‍රදේශයේ ඊයේ (13) සවස කුඹුරු යායක සීසාමින් සිටි පුද්ගලයෙකුගේ ට්‍රැක්ටරයකට යට වී ඔහුගේම 8 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මියගිය දැරියගේ පියා කුඹුර සීසාමින් සිටියදී දියණියට ද ට්‍රැක්ටරයට නැගීමට අවශ්‍ය බව ඇය පවසා තිබෙනවා. ඉන්පසු දියණිය ට්‍රැක්ටරයේ නංවා ගත් පියා නැවත සී සෑම ආරම්භ කොට ඇති අතර එහිදී ට්‍රැක්ටරය නියරක් මතින් යාමේදී ඇතිවූ ගැස්සීමෙන් දියණිය ට්‍රැක්ටරයෙන් වැටී එහි රෝදයකට යට වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

ට්‍රැක්ටරයට යට වූ දියණිය බරපතල තුවාල ලබා මන්නාරම රෝහලට ඇතුලත් කළ ද ඒ වනවිටත් දියණිය මිය ගොස් සිට ඇති බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ පූවර්සන්කුලම් ප්‍රදේශයේම පදිංචි 08 හැවිරිදි දැරියක් වන අතර ඇගේ සිරුර මන්නාරම් රෝහලේ තැන්පත් කර තිබෙනවා.