27.2 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගිනස් පොතට ගිය ලොව මිටිම යුවළ

ගිනස් පොතට ගිය ලොව මිටිම යුවළ

ලොව මිටිම විවාහක යුවළ ලෙස ගිනස් ලෝක වාර්තාව හිමිකර ගැනීමට බ්‍රසීල ජාතික යුවළක් වන පව්ලෝ ගැබ්‍රියෙල් ද සිල්වා බාරෝස් (paulo gabriel da silva barros) සහ කත්යුසියා ලී හොශිනෝ (katyucia lie hoshino) සමත් වී තිබෙනවා.

මෙම ආදර කතාව හද උණුසුම් කරවන කතාවක් ඉස්මතු කරන බවයි ගිනස් ලෝක වාර්තා සංවිධායකයින් පෙන්වා දෙන්නේ.

2006 වර්ෂයේදී මෙම යුවළ ප්‍රථම වරට මුණගැසී ඇති අතර විවාහයට ප්‍රථම ඔවුන් වසර 15කට වැඩි කාලයක් පෙම්වතුන් ලෙස සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වයස අවුරුදු 31 සහ 28 වියෙහි පසුවන මෙම යුවළ ලොව මිටිම විවාහක යුවළ බවට ගිනස් ලෝක වාර්තා සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.