― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsයුක්‍රේනය හා ඇමරිකාව අතර ආරක්ෂක ගිවිසුමක්

යුක්‍රේනය හා ඇමරිකාව අතර ආරක්ෂක ගිවිසුමක්

රුසියානු හමුදා ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම සඳහා යුක්රේනය වෙත ඩොලර් බිලියන 50ක ණය මුදලක් ලබා දීම වෙනුවෙන් රුසියානු වත්කම් භාවිතා කිරීමට G7 කණ්ඩායම එකඟ වී තිබෙනවා.

මෙම මුදල් මේ වසර අවසානය දක්වා ලැබෙනු ඇතැයි අපේක්ෂා නොකරන නමුත් යුක්රේන යුද ප්‍රයත්නයට සහ ආර්ථිකයට සහාය වීම සඳහා දිගුකාලීන විසඳුමක් ලෙසයි මෙය සැලකෙන්නේ.

ඉතාලියේ පැවත්වෙන G7 සමුළුවේදී යුක්රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අතර, යුක්රේන ඇමරිකා දස වසරක ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබූ අතර මෙය ඓතිහාසික අවස්ථාවක් ලෙසයි සලකෙන්නේ.

මෙවර ඉතාලියේ පැවැත්වෙන G7 සමුළුවට සහභාගී වීම සඳහා ලොව ධනවත්ම රටවල් හතේ නායකයින් ඉතාලියේ පුග්ලියා (Puglia) වෙත පැමිණියා.

කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල නායකයින් G7 සමුළුවට සහභාගී වන අතර, මෙවර න්‍යාය පත්‍රයේ මුල් තැනක් යුක්‍රේනයේ සහ ගාසා තීරයේ යුද්ධ ඇතුළු ගැටළු සඳහා වෙන් වී තිබෙනවා.

G7 සමුළුවට අප්‍රිකාවේ සහ ඉන්දු – පැසිෆික් කලාපයේ නායකයින් ද සම්බන්ධ වන අතර සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ ආර්ථික සහයෝගීතාව පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරෙනවා.

මේ අතර මෙවර සමුළුවට ප්‍රධාන ආධිතයෙකු ලෙස අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේද සහභාගී වීමට නියමිතයි.

කෙසේ වෙතත් G7 කණ්ඩායමට නීති සම්මත කළ නොහැකි නමුත් ඔවුන්ගේ ඇතැම් තීරණ ගෝලීය බලපෑම් ඇති කිරීමට සමත්.