― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදෙකෝටියක් වටිනා දුම්වැටි සමඟ තිදෙනෙක් අල්ලයි

දෙකෝටියක් වටිනා දුම්වැටි සමඟ තිදෙනෙක් අල්ලයි

තීරුබදු රහිතව මෙරටට ගෙන්වනු ලැබූ විවිධ වර්ගයේ දුම්වැටි එක්ලක්ෂ විසිදහසක් සමඟ සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (16) වෙරළබඩ පොලිස් වසමේ කොළඹ 10 ප්‍රදේශයේදී සිදු කළ හදිසි වැටලීමකදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී මෙරටට හිමි විය යුතු විශාල තීරුබදු මුදලක් අහිමි කරමින් කෝටි දෙකකට ආසන්න වෙළෙඳපොළ වටිනාකමක් සහිත විවිධ වර්ගයේ නීතිවිරෝධී දුම්වැටි එක්ලක්ෂ විසිදහසක් සන්තකයේ තබාගෙන සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගත් තිදෙනා මාළිගාවත්ත සහ කොළඹ 10 ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 32 – 45 අතර වයසේ පසුවන පුද්ගලයන් බවයි.

අත්අඩංගුවට ගත් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙරළබඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.