27.2 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොරෙන් රට යන්න ගිය තරුණියක් ගුවන්තොටේදී මාට්ටු

හොරෙන් රට යන්න ගිය තරුණියක් ගුවන්තොටේදී මාට්ටු

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් එක්සත් රාජධානියට ඇතුළු වීමට උත්සාහ කළ කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් බවයි පොලීසිය පැවසුවේ.

සැකකාර කාන්තාව සියලු නිෂ්කාෂණ ක්‍රියා පටිපාටි සම්පූර්ණ කර විදේශ ගමන් බලපත්‍රය සහ අනෙකුත් ලියකියවිලි විගමන සේවා කවුළුව වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී විදේශ ගමන් බලපත්‍රයේ තිබූ ඡායාරූපය ඇයගේ නොවන බව පෙනී ගිය නිසා ඇය ප්‍රධාන ආගමන නිලධාරිවරයා වෙත යවා ඇත.

පසුව සිදුකළ තාක්ෂණික පරීක්ෂාවේදී මෙම කාන්තාවගේ තොරතුරු වෙනත් කාන්තාවකගේ විදේශ ගමන් බලපත්‍රයේ සටහන් කර ව්‍යාජ ලෙස සකස් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම කාන්තාවගේ ගමනට උදව් කළ තැරැව්කරුවකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.