29 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයළිත් වැසි වැඩිවන ලකුණු

යළිත් වැසි වැඩිවන ලකුණු

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ජුනි මස 19 වැනිදා සිට ඉහළ යා හැකි බවයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඉදිරි දින කිහිපයේ දී වැසි වාර කිහිපයක් ඇති වීමේ හැකියාවක් පවතිනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගලත් විටින් විට පැයට කිලෝමීටර් 40-50ක අගයක් ගන්නා සුළං වර්ධනයක් ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.