― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතවත් මාරාන්තික බැක්ටීරියාවක් ජපානයෙන්

තවත් මාරාන්තික බැක්ටීරියාවක් ජපානයෙන්

පැය 48න් මරු කැඳවන මාරාන්තික බැක්ටීරියාවක් ජපානයේ පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් දහසක් පමණ මේ වන විට වාර්තා වී ඇති අතර මෙම රෝගය streptococcal toxic shock syndrome යනුවෙන් හැඳින්වෙනවා.

‘මස් කන බැක්ටීරියාව’ ලෙසත් මෙම බැක්ටීරියාව හඳුන්වනු ලබනවා.

මාංශපේෂී දිය කරන නැතහොත් මස් කා දමන බැක්ටීරියාව ජපානය තුළ පැතිරීම පසුගිය වසරේ සිට වේගවත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජපානයේ ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනය පවසන්නේ පසුගිය වසර තුළ දී පමණක් මෙම රෝගීන් 941ක් වාර්තා වී ඇති බවයි. මෙම බැක්ටීරියාව මිනිස් සිරුරට ඇතුළු වී මාංශපේෂී අතරේ පැතිර යන අතර අනතුරුව එය රුධිරයට එකතුවීමක් සිදුවනවා.

පසුව බැක්ටීරියාවේ විෂ සිරුරට මුදා හරින අතර මෙම බැක්ටීරියාව ආසාදනය වූ පසු උණ, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟ සීතල කිරීම, මස්පිඬු වේදනාව, කැරකිල්ල, ඔක්කාරය සහ වමනය යන මූලික රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.

පැය 24ත් 48ත් අතර කාලය තුළ එය අඩු රුධිර පීඩනය, ඉන්ද්‍රියන් අකර්මණ්‍ය වීම, වේගවත් හෘද ස්පන්දන සහ වේගවත් හුස්ම ගැනීමට ආදී රෝග ලක්ෂය ද පෙන්නුම් කරන අතර මරණ සම්භාවිතාව සියයට 30ක් බවයි ජපන් වෛද්‍යවරු පවසන්නේ.

විශේෂයෙන්ම මෙය වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින්ට නරක අතට හැරිය හැකි අතර දරුණු අවස්ථාවල දී, ආසාදිත පටක ඉවත් කිරීමට සහ තවත් ගැටළු වළක්වා ගැනීමට ශල්‍යකර්මය පවා සිදුකළ යුතු වන බව වාර්තා වනවා.

මෙම බැක්ටීරියා පැතිරීම වළක්වා ගැනීම සඳහා නිතිපතා අත් සේදීම සහ කැස්ස සහ කිවිසුම් යන විට මුඛය වසා ගැනීම වැනි යහපත් සනීපාරක්ෂක පුරුදු පිළිපැදිය යුතු වනවා.

එමෙන්ම තුවාල සඳහා නිසි සැලකිල්ලක් දැක්වීම සහ ආසාදන ලක්ෂණ ඇතහොත් ඒ සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි දැනුම් දී ඇත්තේ.